Thursday, December 2, 2010

Email දස පනත.

01) ලැබෙන පණිවිඩ Delete කර දමන්න.

                                       මෙහිදී මාතෘකාව පමණක් කියවා දැන නොගත යුතු හෝ Reply නොකල යුතු ඒවා Delete කර දමන්න.

02) Attachment වලින් නිදහස් වෙන්න.
                                                    නොගැලපෙන ආකෘති යටතේ එවා ඇති හා විවෘත කර ගත නොහැකි ගොනු Attachment නිසා ව්‍යාපාරික ලෝකයේ මෙන්ම අනෙත් අයගේද කාලය බොහෝ අපතේ යයි.ඒනිසා ඒවා යැවිමෙන් වැලකිය යුතු අතර, ඔබට ලැබෙන Attachment ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න."මෙලිසා" වගේ වයිරස් ප්‍රචලිත වුනෙත්  මේ Attachment නිසාය.


03) යවන්නට පෙර 10ට ගනින්න.
                                                    ඔබ තරහින්    හෝ වෙහෙසනර තත්වයකිත් Email පණිවිඩය Type කලා වෙන්නට පුලුවනි,එය ඔබේ කේන්තිය ප්‍රකාශ කරන, විවේචනාත්මක එකක් වීමට පුලුවනි. එනිසා, යවන Email පණිවිඩය මොහොතකට පසු නැවත කියවා Send කරන්න.



04) සොබාවිකත්වයට සමාන කිසිවක් නැත.

                                                    කෙනෙක්ට බැන වැදීමක් හෝ අගය කිරිමක් මුහුණට මුහුණ සිදු වෙනවා මෙන් ප්‍රකාශ කිරීමට Email පණිවිඩයකට නොහැක. අතිශය පුද්ගලික පණිවිඩ පවා Hack කිරීම් වලට පවා ලක් විය හැක. එනිසා පණිවිඩ යැවිමේදී කල්පනාකාරී වන්න.

05) කලානුරෑපිව වැඩ කරන්න.
                                                    Email යැවීමේ දී කාලය ඉතිරි කර ගත හැකි ක්‍රම කිහිපයක්ම ඇත. විධිමත් Address Book එකක්  භාවිතා කිරිමෙන් කාලය ඉතිරි කර ගත හැකි වන අතර, ඔබට වැදගත් යැයි හැඟෙන අයගේ Address කිසි විටක ඉවත්  නොකරන්න. ඒවා කවදා හෝ කුමන අයුරකින් අපට අවශ්‍ය වේදැයි අපට කිව නොහැක.

No comments:

Post a Comment